25.8 C
Galle

රාජ සභා මණ්ඩපය ඩෝසර් කළාට කුරුණෑගල නගරාධිපතිට නොතීසි

Published:

කුරුණෑගල රජකළ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය ලෙස සැළකෙන ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයේන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට ලබන 18 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මීට අදාළව ගොනුකර තිබූ පෙත්සමක් සැළකිල්ලට ගනිමින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට වගකිව යුතු කුරුණෑගල නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!