25.8 C
Galle

කොරෝනා පොකුරක් නිසා පිළිකා ඒකකය වසා දමයි

Published:

බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ‍එම රෝහලේ පාලන අධිකාරිය පවසයි. පිළිකා ඒකකයේ කරනලද පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව අද (05) කොරෝනා ආසාදිත පුද්ගලයන් 31 දෙනකු එම වාට්ටුවන් හඳුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ආසාදිතයැයි හඳුනාගත් පිිරිස අතර වෛද්‍යවරයෙක් , රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙක් සහ රෝගීන් හා ඔවුන්ගේ සාත්තුවට සිටි 29 දෙනකු සිටින බව වාර්තා වේ.

මෙම වාට්ටුවේ සේවය කළ හෙදියක් කොරෝනා ආසාදිත බව පසුගිය 02 වැනි දා හඳුනාගැනීමෙන් පසු මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. එම හෙදියගේ සමීප ආශ්‍රිතයන් වූ තවත් හෙදියක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ද ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

රෝහල් පාලන අධිකාරිය පවසන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිත බව හඳුනාගත් සියලු දෙනා ඊට පෙර කොරෝනා මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවයි.

Related articles

Recent articles

error: Content is protected !!