25.8 C
Galle

මුස්ලිම් සිරුරු භූමදානයට මඩකලපුවේ වළවල් කපයි

Published:

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා මඩකලපුව ඕටමාවඩි කෝරලේපත්තුවෙන් අක්කර දෙකක ඉඩමක් තෝරාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම භූමිය ගංවතුර හා දැඩිව වර්ෂාව පවතින කාලවල දී මුස්ලිම් ජාතික මළ සිරුරු භූමදානය සඳහා මීට ඉහත දී ද වෙන්කර තිබූ ඉඩමක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එස්.එස්.අමීර් අලි පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ඉඩමේ මළ සිරුරු භූමදානය සඳහා වළවල් කැපීම ද ආරම්භ කර තිබෙන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!