24.6 C
Galle

ඇඹිලිපිටියේ දහම් පාසල්, ටියුෂන් වසා දමයි. දැඩි තීරණ රැසක්

Published:

ඇඹිලිපිටියේ කොරෝනා දැඩි අවදානමක් හටගෙන ඇති බැවින් සති දෙකක් සඳහා දහම් පාසල් සහ උපකාරක පන්ති නවතා දැමීමටත් සියලු ගෘහස්ථ උත්සව නතර කිරීමටත් අද (06) රැස්වූ කොරෝනා මර්ධන කමිටුව තීරණය කර ඇත.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ කියා සිටියේ පෙර පාසල් ද නවතා දැමීමට තීරණය කළ බවයි. එමෙන් ම උත්සව ශාලාවල පැවැත්වෙන් උත්සව සඳහා පිරිස් තවදුරටත් සිමා කිරීමටත් අවමංගල උත්සවවල දී කෑම ලබාදීම තහනම් කිරීමටත් තීරණය කර තිබේ. එමෙන්ම මියයන පුද්ගලයන්ගේ සිරුරු දිනක් ඇතුළත ආදාහනයට හෝ භූමදානය සඳහා යොමුකිරීමටත් එහි දී තීරණය කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!