24.4 C
Galle

රූපවාහිනී ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත දිවියෙන් සමුගනී

Published:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටි පාලිත සෙනරත් යාපා මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. මිය යන විට 56 වැනි වියේ පසුවූ පාලිත සෙනරත් යාපා මහතා කලක් පිළිකා රෝගයකට ගොදුරුව පීඩා වින්දේය. 

පාලිත සෙනරත් යාපා මහතා කලක් රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති වාර්තා කටයුතු සඳහාද සම්බන්ධ වී සිටියේය. කොටි ත්‍රස්තවාදීන් කටුනායක ගුවන් තොටුපොළට පහර දීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී පාලිත සෙනරත් යාපා මහතාට වෙඩි වැදී තිබිණ. 

Related articles

Recent articles

error: Content is protected !!