31.1 C
Galle

මුහුදේ ගසාගෙන ගිය දරුවන් බේරා ඉංජනේරුවරයා මුහුදට බිළි වෙයි

Published:

කළුතර කැලිඩෝ වෙරළේ දී මුහුදු රළට හසුවී ගසාගෙන යමින් සිටි කුඩා දරුවන් පිරිසක් සහ කාන්තාවන් කිහිප දෙනකු බේරාගැනීමට ගිය ඉංජිනේරුවරයකු මියගොස් ඇතැයි කළුතර ‍උතුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචි දමිනිගේ දමිත් ශ්‍රීිමාල් උදයකුමාර නමැති 31 හවිරිදි පුද්ගලයෙකි. සිවිල් ඉංජිනේරුවකු ලෙස රැකියාව කරන ඔහු වෙනත් පිරිසක් සමඟ මුහුදු වෙරළට ගොස් එහි ගල්පර මත ඇවිද යමින් ඡායාරූප ගනිමින් සිටිය දී ළමුන් පිරිසක් රළ පහරට හසුව ගසාගෙන යනු දැක තිබේ. කාන්තාවන් දරුවන් බේරාගැනීමට ගන්නා උත්සහය ද ව්‍යර්ථවනු දැක ඔහු දරුවන් බේරාගැනීමට කටයුතු කර ඇත. මේ අවස්ථාවේ දී හිදිසියේම රළ පහරට හසුවී ගසාගෙන ගිය ඔහු බේරාගෙන සුවසැරිය ගිලන් රථයකින් නාාගොඩ රෝහලට ගෙන ගිය ද රෝහලේ දී ඔහු මියගිය බව පොලිසිය කියයි.

Related articles

Recent articles

error: Content is protected !!