31.1 C
Galle

වාස් ගුණවර්ධන නිදොස්කොට නිදහස්

Published:

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ ව්‍යාජ ඔප්පු සකසා ඉඩමක් අත්පත් කරගත් බවට එල්ලවූ චෝදනාවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (15) කටයුතු කළේය.

මහරගම ප්‍රදේශයේ පිහිටි අන් පුද්ගලයකු සතු ‍රුපියල් ‍කෝටි 07ක් පමණ වටිනා අක්කර එකහමාරක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා අත්පත් කරගත්තේ යැයි ඔහුට චෝදනා එල්ල කර තිබිණි. විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාතලිය සමරසිංහ කියා සිටියේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ කාලාවරෝදයෙන් අනතුරුව බවයි.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයට ඉල්ලා අස්කරගැනීමට පියවර ගත් බැවින් ඊට අවසර දුන් මහාධිකකරණ විනිසුරුවරයා විත්තිකාර වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ නිදොස්කොට නිදහස් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!