31.1 C
Galle

මහින්දයේ සිසුන් තිදෙනාට ඇප

Published:

මහින්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග ශාලවේ දී සිසුවකුට පහර දී තුවාල සිදුකළ බවට සැකකරන සිසුන් තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (15) නියෝග කළාය.

සැකකාර සිසුන් දෙදෙනකු පෙරේදා (13) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අතර සැකපිට සොයමින් සිටි අනෙක් සිසුවා අද භාර වී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ජුනි මස 16 වැනි දින පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!