25.1 C
Galle

තලාව ප්‍රාදේශීය සභාවේ කොරෝනා පොකුර තවත් පැතිරෙයි

Published:

තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 28 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සභාවේ සියලු කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සිදුව තිබේ.

කොරෝනා ආසාදිත වූ අය අතර සභාපතිවරයාට අමතරව, උප සභාපතිවරයා, මන්ත්‍රීවරු අට දෙනකු, ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා, ප්‍රධාන සහකාර කළමනාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරා ද සිටිති.

තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කපිල දිසානායක පවසන්නේ ආසාදිත වූ පිරිස සමඟ සෘජු සම්බන්ධතා නොපැවැත්වූ අනෙක් සේවක සේවිකාවන් ද අහඹුලෙස පරීක්ෂා කළ අවස්ථාවේ දී ඉන් එක් අයකුට ද කොරෝනා ආසාදනය වී තිබූ බවයි.

තලාව ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බැවින් තලාව, මොරගොඩ, එප්පාවල, කටියාව, සියඹලෑව, ඇදගල, නල්ලමුදාව, තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සාමාජික සාමාජිකාවන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!