25.1 C
Galle

පාසල අසළ දී මවකට වන අලියෙක් පහර දෙයි

Published:

තම දරුවා රැගෙන පාසලට පැමිණෙමින් සිටි මවකට පාසල අසළ දී ම වන අලියකු පහරදීම හේතුවෙන් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කළ බව අරලගංවිල පොලිසිය පවසයි.

මෙලෙස අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ අරලගංවිල සඳගලතැන්න ප්‍රාථමික විද්‍යාලයේ දරුවකුගේ මවකි. 25 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාවට අලියා පහරදෙන අවස්ථාවේ පාසල් ගේට්ටුව අසළ රැඳී සිටි අනෙක් දෙමාපියන්ගේ කෑ ගැසීම හේතුවෙන් බියට පත්වූ අලියා එම ස්ථානයෙන් ඉවත්ව පලාගොස් ඇති බව ද පොලිසිය කියයි.

Related articles

Recent articles

error: Content is protected !!