29.4 C
Galle

කොරෝනා එන්නත මිශ්‍ර කරන්න එපා. සෞඛ්‍ය අංශ කියයි

Published:

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ට එහි සියිනොෆාම් ඒන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආර්නෝල්ඩ් මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර නැති බවයි.

එමෙන්ම ‍ඔහු පවසන්නේ මීට ඉහත කොරෝනා සෑදී සුව වූ අය ද කොවිඩ් මර්ධන එන්නත ලබා ගතයුතු බවයි. එන්නත ලබාගත් පමණින් කොවිඩ් මර්ධනය නොවන බැවින් වසංගත කාලයේ දී සෞඛ්‍ය ආරක්ෂිත නීති අනුගමනය කිරීමට අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.  

Related articles

spot_img
error: Content is protected !!