28.9 C
Galle

තවත් උපන්දින සාදයක් වටලයි. පිරිසක් අත්අඩංගුවට

Published:

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් උපන්දින සාදයක් වැටලූ බව කැස්බෑව පොලිසිය පවසයි.

කැස්බෑව, හල්පිට ප්‍රදේශයේ හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊ‍ේය (08) රාත්‍රී පොලිසිය එහි ගොස් පරීක්ෂාකරන අවස්ථාවේ දී සාදයට පැමිණ සිටි කාන්තාවන් 05ක් ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!