28.9 C
Galle

ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය භයානකයි. තව රැල්ලක් ආවොත් විනාශයක්

Published:

ශ්‍රී ලංකාව දැනට කොරෝනා වසංගතයේ උපරිම ස්ථාන‍යට පත්ව ඇති බැවින් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කීවාය.

ඇය පවසන්නේ කොරෝනා තවත් රැල්ලක් පැමිණියහොත් එයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බවයි.

මහජනතාවගේ හැසිරීම් කිසිසේත් ම අනුමත කළ නොහැකි මට්ටමක තිබීම මෙයට හේතුවක් බවත් ඇය කියන්නීය. මෙවැනි තත්ත්වයක් තිබිය දී රට යළි විවෘත කළහොත් ඉතා වේගයෙන් රෝගය පැතිරීමේ හැකියාවක් ඇති බව ද ඇය කීවාය.

දෛනිකව මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,000 ඉක්මවා වාර්තාවන අතර මරණ වාර්තාවීමේ ද අඩුවක් නැතැයි ද ඇය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!