28.9 C
Galle

භූමදාන කළේ ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුරු පමණක් නොවේ

Published:

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 605 දෙනකුගේ සිරුරු මේ වනවිට භූමදාන කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ඔහු පවසන්නේ ආගමික විශ්වාසයන් අනුව සිරුරු භූමදානය කිරීමට දිගින් දිගටම කරන ලද ඉල්ලීම්වලින් පසු මේ සඳහා අවසර ලබාදුන් බවයි.

ඔට්ටමාවඩි ප්‍රදේශයේ සිරුරු භූමදානය සිදුකරන බවත් ඒ අනුනව ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු 572ක්, හින්දු භක්තිකයන්ගේ සිරුරු 14, ක්‍රිස්තු භක්තිකන්ගේ සිරුරු 12ක් හා බෞද්ධයන්ගේ සිරුරු 07ක් ඊයේ (15) වන විට එම ප්‍රදේශයේ මිහිදන් කර තිබිණි.

බෞද්ධ හා හින්දු භක්තිකයන් සිරුරු ආදාහනය කිරීමට යොමුව සිටි ය ද ඇතැම් අවස්ථාවල දී මරණය සම්බන්ධ විවෘත තින්දු ලබාදුන් සිරුරු, රිය අනතුරුවලින් මියගිය කොරෝනා ආසාදිත බව තහවුරුකරගත් සිරුරු සහ ඝාතන බවට සැක කරන ලද කොරෝනා ආසාදිත සිරුරු මෙලෙස භූමදාන කිරීමට කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!