24.2 C
Galle

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ දී දෙදෙනකුට මරු කැඳවූ අනතුර (වීඩියෝ)

Published:

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අවසරයකින් තොරව ඇතුළු කළ යතුරුපැදියක් හා කාරයක් ඊයේ (24) රාත්‍රී ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි දෙදෙනා මියගොස් ඇතැයි නාරම්මල පොලිසිය කියයි.

කාරයේ පස් දෙනකු පැමිණ ඇති බවත් ඉන් තිදෙනකු පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ මධ්‍යම අධිිවේගී මාර්ගයේ කිලෝ මීටර 59 ආසන්නයේ ගින්නේරිය ප්‍රදේශයේ දී ය. අනතුර සිදුවීමත් සමඟ යතුරුපැදිය හා මෝටර් රථය ගිනිගෙන විනාශ වීඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේ්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයට ඇතුළුකරන වාහන පොලිස් භාරයට ගෙන හිමිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!