25.3 C
Galle

කන්න හාල් නෑ. සියලු තොග මාසයකටත් මදි බව ඇමති බන්දුල කියයි

Published:

මෙරට ජනතාවට මාසයක් කෑමටවත් සහල් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට හාල් ‍මෝල් හිමියන්ගෙන් කරන ලද විමසීම් අනුව හාල් මෝල් 84ක් තමන් සතුව හාල් මෙට්‍රික් ටොන් 5034ක් සහ හාල් මෝල් 96ක් තමන් සතුව වී මෙට්‍රික් ටොන් 230,000ක් ඇති බව දන්වා තිබෙන බවයි.

මේ සංඛ්‍යාලේඛන සත්‍යය නම් මෙරට ඇති එම තොග රටේ ජනතාවට මාසයකටවත් ප්‍රමාණවත් නැතැයි ද අමාත්‍යවයා කීවේය. මාසයකට ශ්‍රී ලකාවේ ජනතාවගේ පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් 185,000ක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට තීරණය කළ බව ද එලෙස ආනයනය කරන සහල් උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලට ලබාදිය හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!