25.6 C
Galle

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටුවයි

Published:

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පසුගිය දිනවල ෆයිසර් එන්නත් මෙරටට ගෙන්වූ අතර රජය ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනිකා එන්න‍ත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පිරිසකට එහි දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

එසේ වුව ද මෙම ජූලි මස තුන්වැනි සතිය වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ලැබීමට නියමිත බැවින් මෙලෙස ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවා තිබේ.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55-69ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීම ඊයේ (07) සිට ආරම්භ කෙරිණි.

අද (08) එන්නත් ලබාගැනීමට එන ලෙසට දැනුම් දුන් කෙටි පණිවිඩය ලැබුණු පුද්ගලයන්ට ඒ සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභාවේ මහජ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග වේදඥ වෛද්‍ය දිනූකා ගුරුගේ තම ට්විටර් ගිනුමේ සටහනක් ද තබා තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!