25.1 C
Galle

15 හැවිරිදි දැරිය මිල දී ගත් ගායන ශිල්පියෙක් රිමාන්ඩ්

Published:

බාලවයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන ඇගෙන් ලිංගික සේවා ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය අද (10) නියෝග කළේය.

මෙම ගායන ශිල්පියා ඊයේ (09) බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී ළමා හා කාන්තා කාර්යාංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

15 හැවිරිදි වියේ පසුවන දැරිය අපයෝජනයට ලක්කිරීම් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති 27 වැනි පුද්ගලයා මෙම ගායන ශිල්පියා බව පොලිසිය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් අනුව බාල වයස්කාර දැරිය මිල දී ගත් මෙම සැකකාර ගායන ශිල්පියාට බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන්කර දී ඇත්තේ මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවන එම හෝටලයේ කළමනාකරු බවද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට වාර්තා කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!