26 C
Galle

හලාවත සභාපති අත්අඩංගුවට

Published:

පුද්ගලයන් දෙදෙනකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයකු ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවත් පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කීවේය.

අත්අඩංගුවේ පසුවන සභාපතිවරයා සහ අනෙක් පුද්ගලයා අද (12) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!