28.4 C
Galle

තම දියණියන් දෙදෙනාම ගැබිනියන් කළ තාත්තා ඇල්ලීමට පොලිස් මෙහෙයුමක්

Published:

බාලවයස්කාර තම දියණියන් දෙදෙනා ම ගැබිනියන් කළ 37 හැවිරිදි පියකු සොයා ඇල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ තිබේ.

පියා විසින් අපයෝජයනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස ගැබ් ගෙන ඇත්තේ 14 හැවිරිදි සහ 12 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනෙකි.

බදුල්ලේ දෙමෝදර ප්‍රදේශයේ පදිංචි පවුලේ වැඩිමල් දියණියගේ උදරයේ ඇති වූ වේදනාවකට ‍ප්‍රතිකාර ලබාගැනීමට බදුල්ල රෝහලට ගිය අවස්ථාවක දී ඇය ගැබිනියක් බව අනාවරණය වී තිබේ.

දියණියගෙන් තොරතුරු විමසීමේ දී පියාගේ ක්‍රියාව අනාවරණය කර තිබිණි. සියල්ල අනාවරණය වීමෙන් පසු 12 හැවිරිදි දියණිය ද බදුල්ල රෝහලේ දී පරීක්ෂාකළ විට තහවුරු වී ඇත්තේ ඇය ද ගැබිනියක බවයි.

සැකකාර පියා මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!