29.4 C
Galle

ගාල්ලෙන්, එන්නතේ පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව තවමත් නෑ

Published:

ගාල්ල නගරයේ දී සියනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දහස් ගණනකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී තිබේ.

දෙවැනි මාත්‍රාව එන්නත් කිරීම අද (05)  ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එවැනි වැඩපිළිවෙලක් සංවිධානය කර නැත. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට එන්නත් ලබා ගැනීම සඳහා පිරිසක් උදෑසනම පැමිණ සිටි අතර ඔවුන්ට ආපසු හැරී යාමට සිදුව තිබිණි

යුද හමුදාවේ මෙහෙයවීමෙන් ගාල්ල විද්‍යාලෝක විදුහල් පරිශ්‍රයේ දී එන්නත් කිරීම කලින් සිදුකෙරිණි. නමුත් මේ වනවිට එලෙස එන්නත් කළ පුද්ගලයන්ට ලබාදීමට නියමිත එන්නත් මාත්‍රා යුද හමුදාව වෙත ලැබී නැතැයි ද දැනගන්නට ඇත.

මේ පිළිබඳ විමසීමේ දී සෞඛ්‍ය අංශ කියා සිටියේ යුද හමුදාවෙන් ක්‍රියාත්මක කළ එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේ දී එන්නත් ලැබුණු පිරිස්වලට ‍එහි දෙවැනි මාත්‍රාව ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම්වත් කර නැති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!