29.2 C
Galle

කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට

Published:

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දි අමාත්‍යවරයා මේ බව කීවේය.

දේශීය වෙළෙඳ පොළේ කිරිපිට හිඟය නැතිකිරීම සඳහා කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව අවශ්‍ය තොග ආනයනය කිරීමත්, බදු සංශෝධනය කිරීමටත්, වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍යනම් ගැනීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කැබිනට් මණ්ඩලය විසින් බලය පවරා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!