29.6 C
Galle

දකුණෙන් තවත් ආසාදිතයන් 1,448ක්

Published:

දකුණු පළාතෙන් අද තවත් ආසාදිතයන් 1,448 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (24) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ය.

ආසාදිතයන් 506 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙන්, ආසාදිතයන් 503 දෙනකු මාතර දිස්ත්‍රික්කයෛන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 438 දෙනකු වශයෙන් ඔවුන් වාර්තා වී ඇති ඇති අතර රෝහලකින් ද එක් ආසාදිතයකු වාර්තා වී තිබේ.

මේ අනුව දැනට දකුණු පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47,219ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිත මට්ටමේ සිටින පුද්ගයන් සංඛ්‍යාව 13,659කි.

Related articles

Recent articles

error: Content is protected !!