26.9 C
Galle

ශ්‍රී ලංකා ඉන්දියා සාමාන්‍ය ගුවන් ගමන් ආරම්භ වෙයි

Published:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගත් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ‍කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම මදුරෙයි, තිරුචිරාප්පලි, ත්‍රිවන්ද්‍රම සහ කොචින් අතර සතියකට වරක් ගුවන් ගමන් සිදුකරයි.

හයිද්‍රාබාද් හා නවදිල්ලියට කොළඹ සිට සති දෙකකට වරක් ගුවන් ගමන් සිදුකිරීමට නියමිතිය. එමෙන් ම හෙට (31) සිට නේපාලයේ කත්මණ්ඩු සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ වෙයි.

ගුවන් මගීන් සියලු දෙනාට සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කිරීමට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!