28.4 C
Galle

වන අලියෙක් විදුලිසැර වැදී මරුට

Published:

තණමල්විල, කලවැල්ගල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී වන අලියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයස අවුරුදු 20ක් පමණ වනු ඇතැයි අනුමාන කළ හැකි මෙම අලියා මිය ගොස් ඇත්තේ අනවසර විදුලි වැටක පැටලීමෙනි.

වනජීවී නිලධාරීන් පවසන්නේ එම විදුලිවැට සවිකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන මූලස්ථාන පොලිසිය සමඟ එක්ව ගල්කොටුකන්ද වනජීවී කාර්යාල නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!