31.1 C
Galle

“ඩෙල්ටා ප්‍රභේදයේ හැසිරීම තවමත් දන්න‍ේ නෑ” – ආචාර්ය චන්දිම ජීවන්දර

Published:

මෙරට සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හැසිරෙන ආකාරය පිළිබඳ තවමත් නිශ්චිතව තේරුම්ගත නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු පවසන්නේ ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි

රටේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය සහිත පුපද්ගලයන් සම්බන්ධයෙන් වූ තවත් වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව තිබිණි.

කෙසේ වුවත් මෙරට භාවිතාවන එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථකව ප්‍රතිචාර දක්වන බැවින් එන්නත් සම්බන්ධ සැකයක් ‍ඇතිකර නොගෙන වහාම ගොස් එන්නත් ලබගන්නා ලෙස ද ආචාර්ය චන්දිම ජීවන්දර ඉල්ලා සිටියි. එම එන්නත් ලබාගැනීමෙන් කොරෝනා සංකූලතාවලට ලක්වී මරණයට පත්වීම වැළකෙන බව ද හෙතෙම කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!