29.8 C
Galle

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

Published:

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි.

ඇය සොයාගෙන ඇත්තේ පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි

මෙලෙස අතුරුදන්වව සිටියේ නුවරඑළිය ඩන්සිනන් වත්තේ පදිංචිව සිටි 25 හැවිරිදි ජේ.බාලන් කත්මුණ නමැති තරුණියකි ඇය පසුගිය 04 වැනි දා මව සමඟ වනයට ගොස් සිටිය දී අතුරුදන් වූවාය.

ඇය බඹරකැලේ අලුත් කොළණය, ශාන්තිපුර යන ප්‍රදේශයේ දී සොයාගැනීමට යුද හමුදා කණ්ඩායමක් සමත්විය. එම තරුණිය ඉක්මණින්ම නුවරඑළිය රෝහලට යවා ඇති අතර ඇය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබා දෙයි.

නුවරඑළිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!