31.1 C
Galle

කොරෝනා හේතුවෙන් ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී අම්බලන්ගොඩ පාසල් දැරියක් මියයයි

Published:

අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නගාරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්ප මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. 10 වැනිද බෙල්ල දෙපස ඉදිමීමක් සහිතව උණ රෝගයෙන් පෙළුණු ඇය එදිනම බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (13) අළුයම මියගියාය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ කොරෝනා නිව්මෝනියා හේතුවෙන් ඉන්ද්‍රිය බහුවිධ අක්‍රමිකතා සිදුවී මරණයට පත්ව ඇති බවයි. ඇයට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ උණ රෝගය ඇති වූ පසුගිය 10 වැනි දා ට පෙර දිනක බවත් එදින රෝග ලක්ෂණ උස්සන්න වන්නට ඇති බවත් වෛද්‍යවරයා පවසයි. මේ හේතුවෙන් ඇය රෝහල්ගත කරනවිටත් ඉන්ද්‍රිය අකර්මන්‍ය වීම ආරම්භ වී තිබෙන්නට ඇති ව ද පැවසේ.

මියගිය පාසල් ශිෂ්‍යාවගේ සිරුර අද (13) සවස අම්බලන්ගොඩ වතුගෙදර ආදාහනාගාරයේ දී ආදාහනයකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!