29.8 C
Galle

පාස්කු ප්‍රහාරයේ නඩුවට දින නියම වෙයි

Published:

පාස්කු ප්‍රහාරයේ චෝදනා ලබා සිටින පුපද්ගයන් 25 දෙනකුට ඔක්තෝබර් 04 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (13) සිතාසි නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව සළකා බැලූ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධි චෝදනා පත්‍ර භාරදීම සදහා අධිකරණයේ පෙනී සිටින ලෙස මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පත්කරන ලද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ( සභාපති ) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!