31.1 C
Galle

බිරිඳගේත් සැමියාගේත් තාත්තලා දෙන්නාම දින දෙකක දී කොරෝනාවෙන් මරුට

Published:

සැමියාගේ පියා සහ බිරිඳගේ පියා දෙදෙනා ම දින දෙකක් ඇතුළත කොරෝනා ආසදිතව මිය‍ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හිදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අධිවේගී මාර්ගයේ ඉංජ‍ිනේරුවරයකු වූ සැමියාගේ පියා (69) සහ රාජ්‍ය බැංකුවක නිලධාරිනියක වූ බිරිඳගේ පියා (71) යන දෙදෙනාය.

පසුගිය 12 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී බිරිඳගේ පියා මියගිය අතර ඊයේ (13) ඇත්තිලිගොඩ නිවසේ දී සැමියාගේ පියා මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!