27 C
Galle

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

Published:

පන්නල, තෙළඹුගම්මන දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ යක්විල, යටත්තාවල ප්‍රදිංචිකරුවෙකි. ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියට පැමිණෙමින් තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇතැයි ද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම තරුණයා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය.

අනතුරට පත්වූ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!