31.6 C
Galle

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

Published:

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී අංශයට අනුයුක්තව සේවය කළ 57 හැවිරිදි වෛද්‍යවරයෙකි. දෙදරු පියකු වූ ඔහු කුරුණෑගල රෝහලට පැමිණීමට පෙර කුලියාපිටිය සහ හුරුළුවැව රෝහල්වල ද සේවය කර තිබිණි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම වෛද්‍යවරයා තමන් සේවය කළ කුරුණෑගල රෝහලේ ම  දැඩි සත්කාර ඒකකයේ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!