31.6 C
Galle

ළමයින්ට ෆයිසර් එන්නත් දීම ලබන සතියේ කොළඹින් ඇරඹේ

Published:

වයස අවුරුදු 12ට වැඩි නිදන්ගත රෝග සහිත ළමුන් සඳහා ලබන සතියේ සිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ෆයිසර් එන්නත ලබා දෙන බව එම රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පෙනහළු රෝග, හෘදයාබාධ, වකුගඩු ආබාධ, අක්මා ආබාධ සහ තැලසීමියා වැනි නිදන්ගත රෝගග ඇති දරුවන් සඳහා පළමුව මෙලෙස එන්නත් ලබාදෙන බව ද වෛද්‍යවරයා කීවේය.

එවැනි දරුවන් සඳහා විශේෂඥ ළමා රෝග වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එන්නත්කරණය සිදුවන බව ද හෙතෙම පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!