31.6 C
Galle

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

Published:

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ සැකකරු 20 හැවිරිදි විවාහකයකු බවයි. ඔහු නුගේගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය අපයෝජනය කරන දර්ශන රූගත කර ඇති එම පුද්ගලයා එම දර්ශන තම මිතුරු මිතුරියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව සහ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ මොහු බරපතල වරදක් සිදුකර ඇති බැවින් මේ වනවිටත් පැය 72ක කාලයක් රඳවා ප්‍රශන කිරීමට සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!