31.6 C
Galle

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

Published:

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%ක් එන්නත් කිරීමේ මූලික ඉලක්කය පුළුල් ිකරීම සඳහා කොවිඩ් කළමනාකරණ සඳහා වූ ජාතික කාර්යසාධන බලකායේ තීරණය අනුව එම ණය මුදලින් ෆයිසර් එන්න්ත මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සැළසුම් කර තිබේ.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති අතර එම ණය ලබා ගැනීමට ලෝක බැංකුව ද එකඟතාව පළකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!