27.7 C
Galle

වැඩිහිටියන්ට බූස්ටර් එන්නත් අවශ්‍ය බව මහාචාර්ය නීලිකා මලවිගේ කියයි

Published:

වැඩිහිටියන් සඳහා ඉදිරියේ දී කොරෝනා එන්නතේ තෙවැනි මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ශ්‍රී ජයවර්ධනපු විශ්වවිද්‍යාල‍යේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය මලවිගේ මේ බව ප්‍රකාශ කරමින් කියා සිටියේ වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් සඳහා මෙලස බූස්ටර් එන්නත් ලබාදීමට අවශ්‍යවනු ඇති බවයි. ලෝක‍යේ කොරෝනා දත්ත අනුව ඒ බව පැහැදිළි වන්නේ යැයි ද ඇය කියා සිටියාය.

“තරුණ අයට බූස්ටර් එන්නත අවශ්‍යයි කියා මා හිතන්නේ නැහැ. නමුත් වයස අවුරුදු 50ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලබාදීම හොඳ බව ලෝකය පුරා දත්ත ගැන බැලූ විට පෙනෙන්නට තිබෙනවා.” යැයි ද ඇය කීවාය.

Related articles

spot_img
error: Content is protected !!