27.7 C
Galle

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

Published:

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නම් මිල සංශෝධනය වීමට නියමිතය.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80.00කින් ඉහළ යාමට නියමිතය.

ශ්‍රී ලංකාවට මාසිකව කිරිපිටි මෙට්‍රික් ටොන් 7,500ක් ආනයනය කරනු ලබන අතර දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 250 ඉක්මවයි. කෙසේ වෙතත් මෙරට කිරි නිෂ්පාදකයන් ඊට දක්වන දායකත්වය 20% අඩු අගයක පවති.

දැනට වරායේ හිරවී ඇති බහාලුම් අතර ආනයනික කිරිපිටි තොග ඇති බව ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!