27.7 C
Galle

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

Published:

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

දුම්රිය ධාවනය නොවීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කාර්යාල සතුව ඇති ලොරි රථ කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් ත්‍රිපෝෂ ප්‍රවාහනය කිරීමට නොහැකිවීම යන කරුණු මීට හේතුවී ඇති බව ද ‍ඔහු කීවේය.

ත්‍රිපෝෂ ඇසුරුම් ලක්ෂ 16ක් මාසයකට බෙදාහැරීමට අවශ්‍ය වුව ද මේ වනවිට බෙදාහැරීමට හැකියාව ඇත්තේ ඉන් 60%ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් සභාපතිවරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!