27 C
Galle

රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි

Published:

දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය රෝහ‍ලේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

රට විවෘතකිරීම සම්බන්ධයෙන් ලබන 30 වැනිදා තෙක් තීරණය කළ හැකියැයි ද අමාත්‍යවරයා කීවේය. එමෙන්ම රට විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් කටයුතු කරන ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

“සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් කටයුතු කිරීමේන අපිට කොරෝනා සාර්ථකව පාලනය කළ හැකියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපරිම දායකත්වය ඒ සඳහා ලබාදෙනවා. පුරවැසියන්ගේ වගකීම කල්පනාකාරීව සහ උවමනාවෙන් ඉටුකළ යුතුයි. අ දැනට ඉතාමත් සාර්ථකව කොරෝනා පාලනය කරනවා. දැනට තිබෙන තත්වය අනුව යම් මට්ටමකට වසංගතය පාලනය කිරීමට හැකිවී තිබෙනවා. වයස අවුරුදු 30න් පහළ එන්නත්කරණයෙ දී ලෝකයේ පළමු රටවල් 10 අතරට අපි පැමිණ සිටිනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!