27.3 C
Galle

සහල් මිල, ඩඩ්ලි තීරණය කරයි

Published:

මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ සංගමය විසින් සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිල තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 115.00ක්, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 01ක් 140.00ක් ස කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 165.00 ක් බැගින් සිල්ලර අළෙවිය සිදුකරන බව එම සංගමය පවසයි

අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩඩ්ලි සිරිසේන මේ බව ප්‍රකාශ කළේය.

වී මිල දී ගැනීමේ දී නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 62.50කට, සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 70.00කට හා කිරී සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 80.00කට යන මිල දී ගැනීමට මෝල් හිමියන් තීරණය කර ඇතැයි ද ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!