27.1 C
Galle

අලි පැටවුන් ලියාපදිංචිය අභියාචනාධිකරණය වළක්වයි

Published:

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදාහරින ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචිය අත්හිටුවන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද (29) නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී තිබූ නියෝග අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ ඉදිරියේ කැඳවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

මීට අමරතව සුජීවා නමැති ඇතා සහ ඇගේ මාස 04ක් වයසැති පැටවාට තවදුරටත් උඩවලව අලි සංක්‍රමණ මධ්‍යස්ථානයේ රඳවා ගන්නා ලෙස ද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම යළි 13 වැනි දින කැඳවීමට ද තීරණය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!