27 C
Galle

සංවර්ධන නිලධාරියාගේ සිරුර ළිඳකින් හමුවෙයි

Published:

දින දෙකක කාලයක් නිවසින් අතුරුදන්ව සිටි සංවර්ධන නිලධාරියකුගේ මළ සිරුර ළිඳක තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ මාණික්කම් ජයකුමාර් නමැති 51 හැවිරිදි අයෙකි.

ඔහුගේ මළ සිරුර යාපනයේ නවාලි ප්‍රදේශයේ ළිඳක තිබී හමු වී ඇත.

දින දෙකකට පෙර ව්‍යායාම කිරීමට යන බව පවසමින් නිවසින් පිටව ගිය ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් පොලිසියට ද ඒ බව දැනුම් දී ප්‍රදේශය පුරා සෙයා බැලුව ද ඔහු සොයාගත නොහැකිවිය. නවාලි ප්‍රදේශයේ පුද්ගලයකු ළිඳක මළ සිරුරක් තිබෙනු දැක පොලිසියට දැනුම් දී එය ගොඩට ගෙන බැලූ විට අතුරුදන්ව සිටි සංවර්ධන නිලධාරියාගේ සිරුර බව හඳුනාගෙන ඇත.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!