27.7 C
Galle

ඩොලර් මිලියන 30ක් ඉතිරි කරගෙන ඩොලර් මිලියන 1,300ක් අහිමිකරගන්නා පාලකයෝ

Published:

රසායනික පොහොර තහනමෙන් රටට ඩොලර් මිලියන 30ක් ඉතුරුවුව ද තේ අපනය‍නයෙන් පමණක් ඩොලර් බිලියන 1.3ක් අහිමිවී යා හැකියැයි වැවිලි සේවා සමූහයේ සභාපති රොෂාන් රාජදුරෙයි පවසයි.

රසායනික පොහොර සහ වල් නාශක තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 40%ක් අහිමිවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

තේ වගාවෙන් ලැබෙන මුළු ආදායමෙන් රසායන ද්‍රව්‍ය සඳහා පිරිවැය වන්නේ 2%ක් පමණක් බවත් එම සියයට 2% අහිමිවුවහොත් ඉන් අදහස් වන්නේ වගා ඉඩම නැතිවීම බවද ඔහු කීවේය.

“ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සඳහා පොහොර සහ වල් නාශක සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක් වැය කරනවා. නමුත් තේවලින් උපයන ආදායම ඩොලර් බිලියන 1.3ක්. 2019 වර්ෂයේ දී තේවලින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.43ක් උපයා ගත්තා. 2020 දී කොරෝනා වසංගතය තිබිය දී පවා ඩොලර් බිලියන 1.24ක් උපයා තිබෙනවා. 2021 වර්ෂයේ මුල් මාස 07 දී පමණක් ‍ඩොලර් මිලියන 766ක මුදලක් අපි ලබාගෙන තිබෙනවා. දැනට ගණනය කිරීම අනුව පොහොර සහ වල් නාශක තහනම නිසා 2022 ශ්‍රී ලංකාවේ තේ අපනයනය 40%කින් පහත වැටේවි.”

ශ්‍රී ලංකාව රසායනික පොහොර සහ කෘසි රසායනික ද්‍රව්‍ය තහනමක් පැනවූයේ ඉන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග ඇතිවන බවත් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 300-400ත් අතර මුදලක් වැයවන බවත් පවසමිනි.

Related articles

Recent articles

error: Content is protected !!