27.6 C
Galle

අනිල් ජාසිංහට ලෝකයේ ලොකු වගකීමක් පැවරෙයි

Published:

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරීන්ගේ සැසිවාරයේ සභාපති ධූරය පරිසර අමාත්‍යාංශයේ ලෙකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වූයේය.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයට සමගමාවීම මෙම පරිසර බලධාරීන්ගේ නියෝජිත සමුළුව පැවැත්වෙයි. එහි දී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සභාපති ධූරයට පත්කර තිබේ. ඔහුගේ නිල කාලය වසරකි.

ඒ අනුව ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරීන්ගේ නියෝජිත සමුළුවේ සභාපති වශයෙන් 2022 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ 05 වැනි සමුළුව ට ද ඔහු සහභාගී වීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර බලධාරීන් මේ සමුළුව නියෝජනය කරයි.

Related articles

spot_img
error: Content is protected !!