29.4 C
Galle

නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට කාන්තාවෝ පත්වෙති. පොලිස් ඉතිහාස‍ය වෙනස් වෙයි

Published:

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරියන් ලෙස වහමා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරීවරියක ලෙස සේවය කළ ඒ.ජී.එන්.ඩී.සෙනෙවිරත්න පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙසත්, පර්යේෂණ හා සංවර්ධන කොට්ටාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය ලෙස කටයුතු කළ එස්.ඒ.ආර්.ජයසුන්දර ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙසත්, සුබ සාධක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ජේ.පද්මිණී සුබ සාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙසත් පත්කර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මහජන ‍ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතාව පරිදි වහාම ක්‍රියාත්මක වන ලෙස රාජකාරී ඉටුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින් එම පත්වීම් සිදුකර ඇත.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනකු එකවර කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්වීම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූළුකි. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ දැනට පොලිස් සේවාවේ සිදුවන නව ප්‍රතිසංවිධාන හේතුවෙන් ඉදිරියේ දී කාන්තා නිලධාරිනියක් මෙරට පොලිස්පති තනතුරට පත්විය හැකි බවයි.

Related articles

spot_img
error: Content is protected !!