30.5 C
Galle

පළිබෝධනාශක පාලකවරයා ඉවතට. ගැසට් එකත් රිවස් කරන ලකුණු

Published:

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රදේශ කිහිපයක භාවිතය තහනම් කර තිබූ ග්ලයිපොසේට් ඇතුළු රසායනික ද්‍රව්‍ය 05ක තහනම ඉවත්කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ඊයේ (22) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයට රෙජිස්ට්‍රාර්වරයා අත්සන් තබා ඇත්තේ 2021 නොවැම්බර් මස 01 දින දී ය. මෙම නිවේදනය හේතුවෙන් ඔහු තනතුරින් ඉවත්කර ඇති බවත්, ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවත් සඳහන් කරන අතර එම ගැසට් නිවේදනය බලරහිත කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව ද මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

2014 දී රසායනික ද්‍රව්‍ය කිහිපයක් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය
එම තහනම ඉවත් කරමින් 2021-11-22 නිකුත් කළ ගැසට් නිවේදනය

Related articles

Recent articles

error: Content is protected !!