දකුණු පළාතේ සුව නොවූ කොරෝනා ආසාදිතයන් 5,061ක් සිටින බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද (24) සවස නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
එම වාර්තාවට අනුව අද උදෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී දකුණු පළාතෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 548 දෙනකු හමු වී තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 226කි. ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙන්ම ආසාදිතයන් 161 බැගින් වාර්තා වී ඇත.
මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත සුවය නොලැබූ 1,928 දෙනකු වාර්තා වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සුවය නොලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1,533කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ආසාදිතයන් 1,600ක් දෙනා මෙතෙක් සුවය ලබා නැතැයි ද දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,151ක පුද්ගලයන් 3,821ක් නිරෝධායනයට යොමුකර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1,096ක පුද්ගලයන් 2,777ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1,095ක පුද්ගලයන් 3,333ක් ලෙස නිරෝධායනට යොමුකර ඇත.
ඒ අනුව දකුණු පළාතේ පවුල් 3,342ක පුද්ගලයෝ 9,931ක් නිරෝධායනයට යොමුකර සිටිති.


