26.8 C
Galle

ගෑස් අනතුරු තවත් වැඩිවෙයි ගත වූ පැය 24 දී සිදුවීම් 23ක්

Published:

ගෑස් ටැංකි සහ ගෑස් ලිප් පිපිරීමේ හෝ ගිනි ගැනීමේ සිද්ධි 23ක් අද (19) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා පොලිසි කිහිපයකට වාර්තා වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (18) උදෑසන 6.00 අවසන් වූ පැය 24 දී එවැනි සිදුවීම් 22ක් වාර්තා වූ අතර ඒ අනුව පැය 48ක දී වාර්තා වූ ගෑස් සම්බන්ධ අනතුරු සංඛ්‍යාව 45කි.

පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 48ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 815 ක් පොලිසියට වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!