29.9 C
Galle

පොල් ගෙඩියක් ‍හොරකම් කළැයි පහර දී නිරුවත් කර පාරේ අවිද්දවලා

Published:

පොල්ගෙඩියක් පැහැර ගත්තා යැයි කියන පුද්ගලයකු පහර දී නිරුවත් කර මහ මඟ ඇවිද්දවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස අමානුෂික පහරදීමකට ලක්වී ඇත්තේ නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පොල්වත්තකින් පොල් ගෙඩියක් පැහැරගත්තේ යැයි කියමින් පුද්ගලකි පොල් වත්තක පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙලෙස ඔහුට පහර දී ඇත.

ඔහුට එලෙස පහරදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගැමියන් පිරිසක් එම පොල්වත්ත ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක ද නිරතවූහ. මේ සම්බන්ධයෙන් ‍ඔවුහු මාරවිල පොලිසියට පැමිණිලි කරනු ලැබූහ.

පොලිසිය පවසන්නේ මේ ගැන සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!