29.4 C
Galle

කුමාරි ඇල්ලේ ජල රකුසාට කුමරියෝ තිදෙනෙක් බිළි වෙති

Published:

පුවක්පිටියේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොහොයුරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 සහ 14 පසුවූ සහෝරියන් දෙදෙනකු සහ 29 හැවිරිදි ඥාති තරුණියකි. ඔවුන් යාපනයේ පදිංචිකරුවන් බව ද හෙළි වී ඇත.

වත්තල ඥාති නිවසකට පැමිණ මෙලෙස කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇතිබව ද අනාවරණය වී තිබේ.

කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට ඇති වූ ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

ඡායාරූපය – Nature of Sri Lanka නමැති Facebook පිටුවෙනි

Related articles

spot_img
error: Content is protected !!